තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායලයේ ලාංකිකයන් 8000ක් - තොරතුරු ගන්න ක්‍රමයක්

    ඊශ්‍රායලයේ ලාංකිකයන් 8000ක් – තොරතුරු ගන්න ක්‍රමයක්

    ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳ සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීම සඳහා පහසුකම් සළසා තිබේ.

    ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව, සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දුරකථන අංකය: (+94) 117966396, වට්සැප් දුරකථන අංකය: (+94) 767463391 හෝ විද්‍යුත් තැපෑල: [email protected] හරහා අවශ්‍ය උපකාර ලබාගත හැකිය.

    ඊශ්‍රායාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව +94716640560 අංකය ඔස්සේ වට්සැප් මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බව එම කාර්යංශශය කියයි.

    මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් 8000ක් පමණ සේවය කරන අතර ඉන් 90% ක් සාත්තු සේවා සැපයීම්වල නිරත වේ.

    මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලංකිකයෙන්ගේ තත්ත්වය පිළිබඳ විමසීම් කළේය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට දැනටමත් උපදෙස් ලබා දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img