තවත්
    මුල් පිටුවspecialඋතුරු කොරියානු ඩ්‍රෝන් රවුම් ගහද්දී දකුණු කොරියානු ආරක්ෂක අංශ අසරණ වෙයි

    උතුරු කොරියානු ඩ්‍රෝන් රවුම් ගහද්දී දකුණු කොරියානු ආරක්ෂක අංශ අසරණ වෙයි

    උතරු කොරියානු නියමුවන් රහිත ගුවන්යානා පහක් දකුණු කොරියා දේශ සීමාවන්ට අනවසරයෙන් ඇතුලු වී නීරීක්ෂණ මෙහෙයුමක නිරතවී ඇති බවට වාර්තාවේ.

    දකුණු කොරියා හමුදා නිලධාරීන් සඳහන් කරන ආකාරයට මෙම යානා Gyeonggi පළාත අවට දේශසීමා ප්‍රදේශවල දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින් පියාසර කළ බව එරට ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසීය.

    මෙහිදී එක් ඩ්‍රෝන යානයක් දේශ සීමාව හරහා ආපසු පැමිණීමට පෙර අගනුවර වන සෝල් හි උතුරු මායිම දක්වා පියාසර කළ බවද දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. නියමුවන් රහිත යානා ඇතුළු වීමත් සමගම ක්‍රියාත්මක වූ දකුණු කොරියානු ආරක්ෂක අංශ සිය ප්‍රහාරක ජෙට් යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදවා ඇත. එහිදී හෙලිකොප්ටර් යානාවලින් උතුරු කොරියානු ගුවන් යානාවලට වෙඩි 100ක් පමණ එල්ල කළද ඒවා බිම හෙළීමට අසමත් වූ බවද දකුණු කොරියාව ප්‍රකාශ කරයි.

    දකුණු කොරියානු හමුදා නිලධාරින් බටහිර මාධ්‍ය වෙත කියා සිටියේ ඔවුන්ට මෙම ඩ්‍රෝන යානා සිය රේඩාර් තිරවලින් නොපෙනී ගියද ඒවා තවදුරටත් පියාසර නොකළ බවට තහවුරු කරගැනීමට හැකිවූ බවයි. අදාල ඩ්‍රෝන යානා දේශීය වේලාවෙන් රාත්‍රී 10:30 ට)දේශ සීමාව හරහා ගමන් කරන අයුරු දැකගත හැකි වූ බවද බටහිරි මාධ්‍ය සඳහන් කරයි.

    මෙම මෙහෙයුමට සම්බන්ධ වූ දකුණු කොරියානු ප්‍රහාරක ගුවන් යානයක් වන KA-1 සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් පසුව කඩා වැටුණු නමුත් එහි නියමුවන් දෙදෙනාට කිසිදු හානියක් වී නොමැති බවද දකුණු කොරියානු ආරක්ෂක අංශ පැවසූහ.

    යොන්හැප් පුවත් සේවය විසින් උපුටා දක්වන ලද අන්දමට, කඩා වැටුනු දකුණු කොරියානු යානය වොන්ජු නගරයේ ගුවන් කඳවුරකින් ගුවන් ගත වූ විගසම, සෝල් නගරයට නැගෙනහිරින් හොංසොං ප්‍රාන්තයේ බිම වැටී ඇත.

    උතුරු කොරියාව සිය නියමුවන් රහිත යානා එවීමට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ හමුදා ස්ථාන ඡායාරූප ගැනීම සඳහා නිරීක්ෂණ ගුවන් යානා ද පිටත් කර යැවූ බවයි.
    උතුරු කොරියාව මේ වසරේ වාර්තාගත මිසයිල අත්හදාබැලීම් සංඛ්‍යාවක් සිදු කිරීමත් සමඟ කොරියානු අර්ධද්වීපයේ දැඩි උණුසුම්කාරී ත්ත්වයක් නිර්මාණය විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img