තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන මිලට එන අලුත් සූත්තරේ

    ඉන්ධන මිලට එන අලුත් සූත්තරේ

    ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.

    ඊට අදාළ යෝජනාව හෙට(21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

    ඛනිජ තෙල් අලෙවි නියෝජිත සංගමයේ 50 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    “ඉන්ධන මිල සූත්‍රය මසකට දෙවරක් එනම් සෑම මසකම 1 සහ 15 යන දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, අලෙවි නියෝජිතයින්ට මූල්‍යමය අලාභයක් සිදුවන බැවින් අදාළ දිනයන්ට දින දෙකකට පෙර ඇණවුම් නොකළ බව අපිට පෙනී ගියා. ඒ නිසා ඉන්ධන මිල සූත්‍රය මාසයකට වරක් ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධ යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img