තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරියෙකුට පහරදෙමින් මහපාරේ යකානැටූ චීනෙක් අත්අඩංගුවට

    පොලිස් නිලධාරියෙකුට පහරදෙමින් මහපාරේ යකානැටූ චීනෙක් අත්අඩංගුවට

    රථවාහන වැරැදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය කොල්ලුපිටිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට පහරදී තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පොත ඉරා දමා මහා පාරේ යකා නැගී චීන ජාතිකයෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

    බ්‍රිටිස් කවුන්සල් ආයතනයේ ගුරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිටින බොරැල්ල ඇල්විටිගල මාවතේ පදිංචිකරුවෙක් වන ශෙන් ශෙන්ගුයින් නැමැති 40 වියැති එම චීන ජාතිකයාව අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

    කොළඹ රථවාහන පාලන කටයුතු කරන ආරක්ෂක කැමරා පාලන අංශය විසින් මෙම චීන ජාතිකයා ගමන් කරමින් සිටි රථය තීරු මාරුකර කර ධාවනය වන අයුරු නිරීක්ෂණය කර ඒ බව වොකිටොකි යන්ත්‍ර මගින් රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන් දැනුවත්කර තිබේ.

    ඒ අනුව කොල්ලුපිටිය හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් ජනක (68465) නිලධාරියා විසින් අදාල රථය නතරකර එම වරදට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පහරදී තාවකාලික රියදුරු බලපත්‍ර පොත ඉරා ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img