තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්22 ට එරෙහි වූ එකම මන්ත්‍රී

    22 ට එරෙහි වූ එකම මන්ත්‍රී

    පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් ඊයේ (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය භාවිත කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) සරත් වීරසේකර මහතා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

    එහිදී පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබුණි. එසේ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා විසිනි.

    ඉන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් හිමිවූ අතර, එම අවස්ථාවේදීද (ආචාර්ය) සරත් වීරසේකර මහතා පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය භාවිතා කොට ඇති බව මහලේකම්වරයා දන්වා සිටී.

    මෙම පැහැදිලි කිරීම දක්වා ඇත්තේ ඊයේ කෙටුම්පත තෙවන වර කියවීමට අදාළව පැවති ඡන්දයේදී එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවට වාර්තා පළවීම හේතුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img