තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනියම් බිරිය සමඟ කැසිනෝ ගහන්න මුදල් සොයා සොරකමේ ගිය අයි.ආර්.සී.කාරයෙක් අල්ලයි

    අනියම් බිරිය සමඟ කැසිනෝ ගහන්න මුදල් සොයා සොරකමේ ගිය අයි.ආර්.සී.කාරයෙක් අල්ලයි

    සිය අනියම් බිරිය සමඟ කැෂිනෝ ගැසීමට මුදල් සොයා සුපිරි වෙළඳ සැක් බිද ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකුව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොරටුවේ පිහිටි මෙරට ජනප්‍රිය වෙළද සන්නාමයක් සහිත ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ අලෙවි ස්ථානයක් බිද දේපොල සොරාගැනීමක් ගැන කළ විමර්ශනයේදී මෙම සැකකරු ඊයේ පොලීසියට කොටුවී ඇත.

    ප්‍රශ්න කිරිමේදී මොරටුවේ පමණක් නොව, පාදුක්ක, වේයන්ගොඩ, හලාවත යන ප්‍රදේශවලද සුපිරි වෙළද සැල් 09ක් බිද දේපොල සොරා ගැනීම් ගැන තොරතුරු අනාවරණය වී තිබේ.

    මොරටුවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි ස්ථානය බිද රුපියල් ලක්ෂ 29ක භාණ්ඩ සොරාගෙන ඇති බවත් එම භාණ්ඩ අතරින් ලැප්ටොප් පරිගණක 13ක්, ටැබ් 07ක්, ජංගම දුරකතන 09ක්, විදුලි ජනක යන්ත්‍රයක්, සී.සී.ටී.වී. කැමරා 02ක්, රූපවාහිනී යන්ත්‍ර 03ක්, සබ් වූෆර් යන්ත්‍රයක්, විදුලි පන්දම් 07ක්, පාවහන් යුගල 08ක් සොයාගෙන ඇති බවත් පොලීසිය කියයි

    සැකකරු වයස අවුරුදු 40ක් වන මොරටුවේ පදිංචි කරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img