තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝවිලේ උත්සවයකදී කල්මුණේ ගම් දෙකක් ගැටේ

    කෝවිලේ උත්සවයකදී කල්මුණේ ගම් දෙකක් ගැටේ

    කල්මුණේ සේනකුඩිඉරිප්පු හී පිහිටි ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවයේ දේවමෙහෙය පැවැත්වීමේ මූලිකත්වය පිළිබදව ගම්මාන දෙකක් අතර පවතින ආරවුලක් මුල්කරගෙන ඊයේ කෝවිල් භූමියේදී ගම්මාන දෙකේ වැසියන් 1000ක පමණ පිරිසක් පොලු මුගුරු ගෙන ඇණකොටා ගෙන තිබේ.

    ගැටුම පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවීමට සිදුවූ බව පොලීසිය කියයි.

    මෙම ගැටුමෙන් 50කට වැඩි පිරිසකට තුවාල සිදුව ඇත. ඒ අයගෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් තුවාල ලබා කල්මුණේ රෝහලට ඇතුලත්කර තිබේ. සුළු තුවාල ලැබූවන් රෝහල්ගතව නැත.

    කල්මුණේ සේනකුඩිඉරිප්පු හී පිහිටි ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය ඉකුත් 26 වෙනිදා ආරම්භ කර තිබේ. එම උත්සවය ලබන ඔක්තෝබර් 05 වෙනිදා දක්වා පැවැත් වීමට සූදානම්කර තිබේ.

    පොලීසිය පවසන්නේ සෑම වර්ෂයකදීම මෙම උත්සවය නප්පටිමුණ ප්‍රදේශයේ පදංචිව සිටින කෝවිලේ පරිපාලන කටයුතුකරන අය විසින් මූලිකත්වය ගෙන සිදුකරන බවය. සේනකුඩිඉරිප්පු ජනතාව මෙම උත්සවයේ දේවමෙහෙයන් වල මූලිකත්වය තමන්ට නොදීම සම්බන්ධයෙන් කෝවිලේ පරිපාලනය සමඟ දිගින් දිගටම ආරවුල් ඇතිකරගෙන ඇති බව පොලීසිය කියයි.

    මෙම ගැටුමට සම්බන්ධ පිරිස් සොයා පරීක්ෂන පවත්වන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img