තවත්
    මුල් පිටුවCOVIDසංචාරක වීසා ඇති අයට සීමා ලිහිල් වෙයි

    සංචාරක වීසා ඇති අයට සීමා ලිහිල් වෙයි

    පූර්ණ එන්නත්කරණයට ලක්වීමෙන් පසු පීසීආර් පරීක්ෂණයෙන් කොවිඩ්-19 ආසාදිතයකු නොවන බවට තහවුරු කර ඇති සංචාරක වීසා බලපත්‍රලාභීන්ට ප්‍රජාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අවසර ලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැනුම් දෙයි.

    එන්නත ලබා නොගත් සංචාරක වීසා බලපත්‍රලාභීන්ට ජෛව බුබුලේ නිරෝධායන කාලයෙන් පසු අන්තර් දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට ද අවසර ලබාදී තිබෙන බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය සහ එන්නත් කිරීමේ සහතිකය අන්තර් දිස්ත්‍රික් සංචාර සඳහා වලංගු ලේඛනයක් ලෙස සලකනු ලැබෙන බව ද දන්වා සිටියි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 2021 ජුලි 7 වැනිදා සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව මෙම සංචාරක උපදෙස් ක්‍රියාත්මක වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img