fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු මුහුදේ භූමිකම්පාවක් - සිදුවූ තැන අසාමාන්‍යයි - විදේශීය භූ විද්‍යාඥයෙක් කියයි

    දකුණු මුහුදේ භූමිකම්පාවක් – සිදුවූ තැන අසාමාන්‍යයි – විදේශීය භූ විද්‍යාඥයෙක් කියයි

    දකුණු ඉන්දියානු සාගරයේ එනම් කොළඹට දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 5.2 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් අද රාත්‍රියේ සිදු වී තිබේ.

    ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට සුනාමි තර්ජනයක් නැතැයි මාලදිවයින් හා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විශේෂඥයෝ පවසති.

    කෙසේවෙතත් නෝර්වීජියානු භූ තාක්‍ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක භූ විද්‍යාඥ, ආචාර්ය ස්ටීවන් ජේ. ගීබන්ස් පවසන්නේ මෙම භූ කම්පනය අතිශය අසාමාන්‍ය භූමිකම්පාවක් බවයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම භූ කම්පනය සිදුවී ඇති බවට සලකුණු වන ස්ථානය භූ කම්පනයක් වීමට අසාමාන්‍ය ස්ථානයක් බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.