fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගමික සංවිධානවල අදහස් නොගෙන කැබිනට්ටුව මුස්ලිම් විවාහ-දික්කසාද නීති වෙනස්කිරීම ගැන විරෝධයක්

    ආගමික සංවිධානවල අදහස් නොගෙන කැබිනට්ටුව මුස්ලිම් විවාහ-දික්කසාද නීති වෙනස්කිරීම ගැන විරෝධයක්

    ඉස්ලාමීය ආගමික හා සිවිල් සංවිධානවල අදහස් සැලකිල්ලට නොගෙන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් යම් තීන්දු තීරණ ගැනීම කනගාටුවට කරුණක් බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසයි.

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව මෙම සංවිධානය සිය අවධානය යොමු කරඇත.

    අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ නැවත සලකා බලන ලෙස මෙම සංවිධානය රජයෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

    මේ සම්බන්ධයෙන් ආගමේ මූලධර්ම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් ගෞරව කිරීමටත් කිසිවෙකුට අයුක්තියක් සිදු නොවීම සහ අපේ ජාතියේ බහු සංස්කෘතික විවිධත්වය තහවුරු කිරීම සඳහා රටේ සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් රකින ලෙසටත් එම සංවිධානය රජයෛන් ඉල්ලීමක් කර ඇත.

    එම සංවිධානය පෙන්වා දෙන්නේ ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් හා සංස්කෘතික පිළිවෙත් වලට අනුකූලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මුස්ලිම් පවුල් නීතියට වසර දහසකටත් අධික ඉතිහාසයක් ඇති බවයි.

    ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත යුගයේ සිට මෙම චාරිත්‍රානුකූල නීති ස්ථාපනය කර ක්‍රියාත්මක කරන ලදී.

    නිදහසින් පසු කාල පරිච්ඡේදයේ සිට අද දක්වා වන අතර, මුස්ලිම් ප්‍රජාවේ ප්‍රජා නියෝජිතයින්ගේ උපදෙස් මත වරින් වර ඒවා ආගමික හා සංස්කෘතික කටයුතුවලට අදාළව සංශෝධනවලට භාජනය කර ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි.

    කෙසේවෙතත් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රකාරව යම් යම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව එකඟ වන බව එම සංවිධානය පවසයි.

    විශේෂයෙන්ම මෙම ප්‍රතිසංස්කරණ තුළින් මුස්ලිම් කාන්තාවන්ගේ දුක්ගැනවිලි විසඳිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

    එම සංවිධානය අවධාරණය කර සිටින්නේ මෙම කරුණු, මුස්ලිම්වරුන් විසින් අනුගමනය කරනු ලබන ආගම සම්බන්ධයෙන් වන බැවින්, ආගමේ මූලික ඉගැන්වීම් සැලකිල්ලට ගනිමින් සුදුසු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර, අදාළ පාර්ශවකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් නිසි උපදෙස් ලබා ගැනීම කළ යුතු බවය.

    ඒ අනුව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ද විවිධ අවස්ථාවලදී පවත්නා මුස්ලිම් නීතිවල අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    රටේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාවේ යහපත හා සංවර්ධනය වෙනුවෙන්, ඉහත සඳහන් නිර්ණායක මත පදනම්ව ගනු ලබන සෑම තීරණයකටම සහාය දෙන බව එම සංවිධානය නැවත අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.