ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්‌වරයා ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කෙරේ.
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (30) පෙරවරුවේ මෙම පත් කිරීම සිදු කර ඇත.
මෙයට පෙර හීන්කෙන්ද මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හඩ්සන් සමරසිංහ මහතා පත්කෙරිණි.