අංජනා මල්ලවාරච්චි
කොරෝනා මර්දන එන්නත් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඊයෙ දිනයේ පමණක් ලබාදී ඇති බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 1744 සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 61355ක් එහි දෙවන මාත්‍රාව 43999ක් ආදී වශයෙන් වශයෙන් ඒ ඒ එන්නත් ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242ක් ද එහි දෙවන මාත්‍රාව 375784ක්ද ලබා දී තිබේ.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1657741ක් දෙවන මාත්‍රාව 605116ක් ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114795ක්ද දෙවන මාත්‍රාව 14425ක් ද වශයෙන් ඊයේ දිනයේ පමණක් ලබාදී තිබිණ.