තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දීමනා ඉල්ලා හෙද හෙදියෝ හෙට-අනිද්දා වර්ජනයේ

    දීමනා ඉල්ලා හෙද හෙදියෝ හෙට-අනිද්දා වර්ජනයේ

    අංජනා මල්ලවාරච්චි

    රට පුරා රෝහල්වල හෙද හෙදියෝ හෙට (01) සහ අනිද්දා වැඩ වර්ජනයක නිරතවීමට නියමිතව තිබේ.

    ප්‍රවාහන හා අනතුරු දීමනාව රුපියල් 15000ක් දක්වා වැඩිකිරීම, හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම, වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙද වෘත්තිය සමිති සඳහන් කරයි.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය යන සංගම් වල සාමාජික සාමාජිකාවෝ හෙට සහ අනිද්දා එම වර්ජනයේ නිරත වෙති.

    හෙද වර්ජනය හෙට පෙරවරු 7 ට ආරම්භ වන අතර එය තුන් වැනිදා පෙරවරු 7 ට නිම කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img