තවත්
    මුල් පිටුවදේශීය පුවත්නෞකා ගින්නෙන් කැස්බෑවුන් 176 ක් ඇතුළු මුහු දු ජීවීන් 200 ක් මිය...

    නෞකා ගින්නෙන් කැස්බෑවුන් 176 ක් ඇතුළු මුහු දු ජීවීන් 200 ක් මිය ගිහින්

    "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගින්නෙන් සිදුවූ පරිසර හානියෙන් කැස්බෑවුන් 176 දෙනකු ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු සහ තල් මසුන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙම මුහුදු සත්ත්වයින්ගේ මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බව ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර ඇතත් ඒවා පිළිගත නොහැකි බව නෞකා ගින්න සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ සදහන් කළේය. එම මුහුදු සත්ත්වයින්ගේ මරණ "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

    එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img