තවත්
    මුල් පිටුවදේශීය පුවත්බූරු පොළ කොල්ලකෑ පොලිසියේ 02 ක් අල්ලයි

    බූරු පොළ කොල්ලකෑ පොලිසියේ 02 ක් අල්ලයි

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට වසා තිබියදී වරකපොළ පොලිස් වසමේ අල්ගම පැත්තේ රහසිගතව පවත්වාගෙන ගිය බූරු පොළකට කඩා වැදී මුදල් කොල්ලකෑ පොලිස් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ එක් අයෙක් ගම්පහ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන්වරයෙක් බවත් අනෙත් සැකකරු පොලිස් රෝහලේ රියදුරෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම කොල්ල කල්ලියට සම්බන්ධ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයිද එම නිලධාරියා කීය.

    අල්ගම බූරු පොළට මෙම පොලිස් කණ්ඩායම කඩාවදින විට පිරිසක් පළාගොස් ඇති අතර 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අයගේ දෑත් බැද පොලිස් කණ්ඩායම ගමන් කළ වෑන් රථයට නන්වාගෙන තිබේ. එම අවස්ථාවේදී බූරු පිටියේ ඔට්ටු ඇල්ලීමට දමා තිබුණු රුපියල් ලක්ෂ 06 කට අධික මුදලක් සහ ලක්ෂ 02 ක් පමණ වටිනා ජංගම දුරකතනයක්ද ලබාගෙන පොලීසිට රැගෙන එන ආකාරයට ඔවුන්ව රැගෙන විත් ඇත. අතර මගින් එකිනෙකා බස්සවා මුදල් හා ජංගම දුරකතනය රැගෙන පොලිස් කණ්ඩායම පළාගොස් තිබේ.

    මෙම පොලිස් කණ්ඩායම ගමන් කර ඇත්තේ කෑගල්ල දෙසටය. මේ ගැන බූරු පොළේදී පොලිස් කණ්ඩායමේ අත්අඩංගුවට පත්වුණු පුද්ගලයෙක් වරකපොළ පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් ඒ අනුව ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව විමර්ශන ආරම්භ වී ඇත. බූරු පොළ වැටලූ පොලිස් කණ්ඩායම ගමන් ගත්තේ කෑගල්ල දෙසට බැවින් පොලීසිය සැකකරන්නේ කෑගල්ල පැත්තේ පොලිස් කණ්ඩායමක් මෙම ක්‍රියාවට සම්බන්ධව ඇති බවටය. එහෙත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ පිට ප්‍රදේශයකින් පැමිණි කණ්ඩායමක් විසින් මෙම කොල්ලය කර ඇති බවය. ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img