තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට රැකියාවලට ගොස් සිටි 142 ක් කොවිඩ්වලින් මියගිහින්

    රට රැකියාවලට ගොස් සිටි 142 ක් කොවිඩ්වලින් මියගිහින්

    විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා ආසාදිතව මේ වන විට මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සදහන් කරයි.

    එසේම විදේශයන්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමකයින් 4800 කට වැඩි පිරිසක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ අය අතරින් 4600 දෙනෙකු පමණ මේ වන විට සුවය ලබා සිටින බවත් රන්දෙණිය මහතා පවසයි.

    මැද පෙරදිග ඇතුළු රටවල් 16 කින් එම මරණ සහ කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ. මේ සියළු දෙනාම කාර්යාංශයේ ලියාපදිංචිව රට රැකියාවල ගිය අය බවද රන්දෙණිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img