තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොදු පිළිවෙතට අනාගතය සකසන්න මේ සුදුසුම කාලයයි - අගමැති නිවසේදී පෙහෙවත් සමාදන්...

    බොදු පිළිවෙතට අනාගතය සකසන්න මේ සුදුසුම කාලයයි – අගමැති නිවසේදී පෙහෙවත් සමාදන් වෙයි

    බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන අගමැතිවරයා පෙහෙවත් සමාදන් කරවීම සිදුකරන ලද්දේ තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img