තවත්
    මුල් පිටුවදේශීය පුවත්තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු හැදූ නීතීඥයා දැලේ

    තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු හැදූ නීතීඥයා දැලේ

    තායිලන්ත තානාපති කාර්යාලයට අයත් කොළඹ 7 , සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ පිහිටි රුපියල් කෝටි 50 කට අධික වටිනාකමක් ඇති ඉඩමක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකපිට නීතීඥවරයෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

    තානාපති කාර්යාලයට අයත් ඉඩමට ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුව සකස්කර ඇත්තේ මෙම නීතීඥවරයා බව විමර්ශන වලින් හෙළිවී ඇති බවත් නීතිපති උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    පර්චර්ස් 20 ක් පමණ වන මෙම ඉඩම අලෙවි කළ සහ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනාම මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ. නීතීඥවරයා අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ වැඩිදුර විමර්ශනයේදීය.

    කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය දැන් පිහිටා ඇති ඉඩමටද මෙයට පෙර මේ ආකාරයටම ව්‍යාජ ඔප්පුවක් සකස්කර අලෙවි කර තිබුණි. එම ඡාවාරමට දේශපාලනඥයෙක් සහ පාතාල අපරාධකරුවෙක් සම්බන්ධ වී සිටියේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img