අංජනා මල්ලවආරච්චි
වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින එල්ටීටීඊ රැඳවූවන් ඇතුළු පිරිසක් අද හෙටම නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස දිගු කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව බන්ධනාගාරගතව සිටින අතර ඇතැම් පුද්ගලයින්ට නඩු පැවරීමක් වත් කර නැතැයිද වාර්තා වේ.
එම රැඳවූවන් අතර වසර විස්සකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින පිරිසක් වන බව ද එම ආරංචි මාර්ග කියයි.
නඩු නිමිත්තක් නොමැතිව සහ ඉතා දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින එවැනි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉකුත්දා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නම රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.