තවත්
    මුල් පිටුවදේශීය පුවත්පී.සී.ආර්.පරීක්ෂණ ගැන පවිත්‍රා පාර්ලිමේන්තුවේදී කී කථාව

    පී.සී.ආර්.පරීක්ෂණ ගැන පවිත්‍රා පාර්ලිමේන්තුවේදී කී කථාව

    කොවිඩ් 19 ආසාදිතයන් හදුනා ගැනීම සදහා ඉකුත් 21 වෙනිදා වන විට මෙරට තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන තිස් අට ලක්ෂ අනූහතර දහස් හත්සිය හැත්තෑපහක් වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (23) සදහන් කළාය.

    ඉන්ධන මිල ඉහළ යාම මුල්කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබේ රැදෙමින් උද්ඝෝණයක නිරතවෙමින් සිටියදී දැඩි ගෝෂාකාරීත්වය හමුවේ ඇමතිවරිය මේ බව සදහන් කළාය.

    පසුගිය මාසය තුළ පමණක් පී.සී.ආර්. හත්ලක්ෂ දොළොස්දහස් පන්සිය පහළෛාවක් සිදුකර ඇති බවත් මෙම මස 21 වෙනිදා දක්වා පී.සී.ආර්. තුන්ලක්ෂ අසූදෙදහස් දහ අටක් සිදුකර ඇති බවත් ඇය සදහන් කළාය.

    ඉකුත් වසරේ මාර්තුවේ කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වන විට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පැවැතියේ පී.සී.ආර්. රසායනාගාර 03 ක් පමණක් බවද ඇය අවධාරණය කළාය. එම රසායනාගාරවල දෛනික පරීක්ෂණ ධාරිතාව පැවැතියේ 300 ක් දක්වා පමණක් බවද ඇය පාර්ලිමේන්තුවට හෙළිකලාය.

    ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසය වන විට පී.සී.ආර්. රසායනාගාර ගණන 24 දක්වා වැඩිකිරීමට හැකිවූ බවත් ඉකුත් අප්‍රේල් වන විට එම ගණන 30 දක්වා ඉහළට ගෙන ගිය බවත් ඇය සදහන් කළාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img