ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් නිවසට බෙදාහැරීම සදහා සුපිරි වෙළදසැල් හා භාණ්ඩ බෙදාහැරීමේ ආයතන විසින් කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.
නමුත් එම තීරණය තවමත් ක්‍රියාත්මක කළ නොහැකි අතර කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය ලැබුනොත් පමණක් එය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි සදහන් ය.
සංචරණ සීමා හේතුවෙන් දෛනිකව රජයට අහිමි වන මත්පැන් බදු ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 600 ඉක්මවන බව සදහන් ය.