තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පැන් ඩිලිවරියට ඉක්මන් පියවර ගැනීම ලැජ්ජයි - GMOA

    මත්පැන් ඩිලිවරියට ඉක්මන් පියවර ගැනීම ලැජ්ජයි – GMOA

    අංජනා මල්ලවාරච්චි

    මත්පැන් නිවෙස්වලට ගෙනැවිත් අලෙවි කිරීමේ ක්‍රමවේදය කුමන්ත්‍රණයක් හෙයින් ඊට විරෝධය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතව මේ වන විට දිනකට පුද්ගලයින් 60ක් පමණ මියයන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

    කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ හෝ නිවසට බෙදාහැරීම සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවූ නමුත් මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉක්මන් පියවර ගැනීම ලැජ්ජා සහගත බවට වෛද්‍ය කොළඹගේ මහතා පැවසීය.

    online හරහා මත්පැන් අලෙවි කිරීම මගින් දිනකදි සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම, රට තුළ සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ යාම සහ ගෘහස්ත හිංසනය වැඩි විය හැකි බවද බවද ඔහු සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img