තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගිනිගත් නෞකාවේ මෙරට නියෝජිතායතනයේ ප්‍රධානියා රහස් පොලීසිය හමුවට

    ගිනිගත් නෞකාවේ මෙරට නියෝජිතායතනයේ ප්‍රධානියා රහස් පොලීසිය හමුවට

    නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතායතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (16) පෙරවරුවේ ඉදිරිපත් වී ඇත.

    නීතිපතිවරයාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක්ම සභාපති ඇතුළු නෞකා නියෝජිතායතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දින කිහිපයක සිට ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙතෙක් ඒ කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සැගවී සිටින බවය.

    මේ අතර නෞකා ගින්න පිළිබදව ඊයේ (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලෙහි විභාගය බැවැති අවස්ථාවේදී නෞකා නියෝජිතායතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සදහන් කරනුයේ සිය සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img