fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලංකාවට එන ඇමරිකාවේ අලුත් තානාපතිනිය

    ලංකාවට එන ඇමරිකාවේ අලුත් තානාපතිනිය

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් මහත්මියව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් නම් කරනු ලැබ තිබේ.

    ඒ බව ධවල මන්දිරය ඊයේ (15) නිවේදනය කළේ ය.

    ඇය එරට විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකාවකි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර කලාපීය කටයුතු පිළිබඳ කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම්වරිය ලෙස මේ වන විට ඇය කටයුතු කරන්නීය.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කර ඇති ඇය මෙයට පෙර රටවල් කිහිපයකම තානාපති කාර්යාලවල විවිධ තනතුරු හොඹවා ඇත.

    කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ජූලි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය හදාරා තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.