තවත්
    මුල් පිටුවදේශීය පුවත්උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

    උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

    විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට අධ්‍යාපන අමාත්‍යංශයට තීරණය කර තිබේ.

    පාසල් තුළ මුදල් එකතු කිරීම් ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බවට 2024 වසරේ සැප්තැම්බර් මාසයේ චක්‍රලේඛයක්ද නිකුත් කර තිබියදී මෙසේ මුදල් එකතු කිරීම් ගැන පැමිණිලි ලැබෙන බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මදුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

    මෙම විමර්ශන කණ්ඩායම විසින් හෙළිකරගන්නා තොරතුරු මත එවැනි ක්‍රියා සිදුවන පාසල්වල විදුහල්පතිවරුන්ට දැඩිව විනයානුකූල පියවර ගැනීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img