තවත්
    මුල් පිටුවදේශීය පුවත්බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ - ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය...

    බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී

    රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි 02ක් සොයාගෙන තිබේ.

    සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 08ක් පමණ සහ කේරල ගංජා කිලෝ 67ක් තිබී ඇත.

    ගිනි අවි දෙක තිබී ඇත්තේ නිවසේ සිවිලිම අස්සේ සඟවාය. මෙම අවි එස්.එම්.ජී. වර්ගයේ බවත් ටී 56 අවි පොලිසියට හදුන්වාදීමට පෙර භාවිතා කරනු ලැබුවේ මෙවැනි අවි බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    රාගම බටුවත්තේදී ආමි උපුල් නැමැති පුද්ගලයාට පසුගිය 03 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී මෙම ස්ථානය ගැන තොරතුරු හෙළිවූ බවද එම නිලධාරියා කීය. මෙම අවි සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. බටුවත්තේ උපුල්ට වෙඩි තැබීමටද යොදාගෙන තිබුණේ එස්.එම්.ජී. වර්ගයේ ගිනි අවියකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img