මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර
මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර – 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මදුරු මර්දන සතිය වෙනුවෙන් ජුනි 30 වෙනිදා සිට පසුගිය 05 වෙනිදා දක්වා කළ සෝදිසියලදී මදුරුවන් බෝවන ස්ථාන හදුනාගෙන තිබේ.
මෙහිදී රතු නිවේදන 3812ක් නිකුත් කර ඇති අතර මදුරු කීට තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 982 දෙදෙනෙක්ට නීතිමය පියවර ගෙන තිබේ.
පාසැල්,රජයේ ආයතන,කර්මාන්ත ශාලා,වැඩබිම්,ආගමික ස්ථාන වැඩිම අවධානම් ස්ථාන ලෙස මෙහිදී හදුනා ගෙන ඇත.