තවත්
    මුල් පිටුවදේශීය පුවත්ටික්ටොක් පෙම්වතාව ටික්ටොක් පෙම්වතිය කොල ්ලකයි

    ටික්ටොක් පෙම්වතාව ටික්ටොක් පෙම්වතිය කොල ්ලකයි

    ටික්ටොක් මගින් හදුනාගත් සිය පැරණි පෙම්වතිය මුණ ගැසීමට පැමිණි තරුණයෙකුට පැරණි පෙම්වතිය ඇතුළු පිරිසක් විසින් පහරදී මුදල් හා ජංගම දුරකථනයක් කොල්ලකා ඇත.

    මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ වැලිකඩ පොලිසිය පැරණි පෙම්වතිය ඇතුළු 05 දෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

    පෙම්වතිය ඇතුළුකෝට්ටේ පදිංචිකාරියකි. ඇය 19 හැවිරිදි වියේ පසුවන්නියකි. පෙම්වතා මොරගහහේනේ පදිංචිකරුවෙකි.

    පැරණි පෙම්වතියගේ ඇරයුමකට අනුව ඇයව මුණ ගැසීමට පැරණි පෙම්වතා පැමිණ ඇත්තේ රාජගිරිය නෙළුම් මාවත ප්‍රදේශයටය. ඒ ඉකුත් 24 වෙනිදාය. එහිදී ඔහුට පහරදි මුදල් හා දේපොල කොල්ලකෑම සදහා අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇගේ මිතුරියක් බව සිටින බව පොලිසිය සදහන් කළේය. ඇය 20 හැවිරිදි වියේ පසුවන ඇතුළුකෝට්ටේ පදිංචිකාරියකි.

    සෙසු සැකකරුවන් තිදෙනා අංගොඩ, රාජගිරිය, කලපළුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සදහන් කරයි. මෙම සැකකරුවන් අවුරුදු 20 සහ 19 අතර වයස්වල පසුවන්නන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img