මහ මුහුදේ බිලිබාමින් සිටි ධිවරයින් පිරිසකගේ බිලියට හසුවූ කොප්පරා මත්ස්‍යයෙකු යාත්‍රාවට ගැනීමට යාමේදි මුහුදට වැටුණු ධිවරයෙක් කොප්පරා මත්ස්‍යාගේ ශරීරයේ පිහිටි කට්ට ඇනී මියගොස් ඇත.
මෙම සිදුවීම වි ඇත්තේ නැගෙනහිර මුහුදු තීරයේ දීය.
මියගොස් ඇත්තේ අවුරුදු 44ක් වන එම්.එල්.සාබ්දීන් නැමැති අය බවත් ඔහු වාලච්චේන තියාවට්ටුවාන් හී පදිංචිකරුවෙක් බවත් වාලච්චේන පොලිසිය සඳහන් කළේය.
මෙම පුද්ගලයා තවත් දෙදෙනෙක් සමඟ බහුදින යාත්‍රාවකින් මසුන් ඇල්ලීමට දියඹට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.