බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුවන රියදුරන්ට රුපියල් ලක්ෂ 05ක දඩයක් සහ අවුරුදු 02ක සිර දඩුම් ලබාදෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන තොරතුර ව්‍යාජ එකක් බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
මෙම සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් වන අතර මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු පලකර සමාජ ගත කරන අයට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
“බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05ක් නැති නම් අවුරුදු 02යි“ ලෙස සඳමන් කරන ලද සමාජ මාධ්‍ය තුල සංසරණය වන තොරතුර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.
“දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදවීමකදී මෝටර් වාහන පනතේ 2023 වන අධිකාරියේ 214(1) “අ“ වගන්තිය සමඟ කියැවෙන 1779 අංක 31 දරන මෝටර් වාහන පනතින් සංශෝධිත වූ 151(1) වගන්තිය උල්ලංඝණය කිරීමෙන් 2019 අංක 10 මෝටර් වාහන සංශෝධිත පනතේ 07 වන වගන්තියෙන් සංශෝධනය වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 216 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එය රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා දඩයකට හෝ මාස 03කට වැඩි නොවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම හෝ දෙකම හෝ රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් අත්හිටුවීම කළ හැකිය“