සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස මහ මර්ග දුම්රිය, බස් රථ ඇතුළු පොදු ස්ථානවල ගැවසෙන බාල වයස්කාර දරුවන් සිය භාරයට ගෙන නිසි භාරකාරත්වකට පත්කිරීම සදහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය, ඵමා හා නාව්තා කාර්යාංශ මූළස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භකර ඇත.
මෙම මෙහෙයුම පසුගිය 19 වෙනිද ආරම්භ කළ දිනයේදී පමණක් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාවරක්ෂිත ලෙස ගැවසෙමින් සිටි බාල වයස්කාර දරුවන් 21 දෙනෙක් එම කණ්ඩායම් විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශ්‍ය සඳහන් කරයි.
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල, මාතර යන පොලිස් කොට්ඨාශ වලින් මෙම පිරිස සිය භාරයට ගොන තිබේ.
ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, සංඥා පහන් ඇති ස්ථාන ආවාරණය වන පරිදි මෙම මෙහෙයුම මෙදින දියත්කර ඇත.