ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂය තුළදී ආරම්භ කරන අතර,ඉදිරි වසර දෙකහමාර තුළදිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානඒකක ඉදිකර මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
මෙරට ජනතාවට වර්තමානයේ දීලබා දෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක හාකාර්යක්ෂම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලෙස ඉදිරි කාලයේදී ලබා දීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් ආරම්භ කරන බවත්, ඉදිරි වසර දෙකහමාර ඇතුළත දී දිවයින පුරා නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයන් හි සියලු ඉදිකිරීම් නිම කර මෙරට ජනතාවට විධිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවත්, සෞඛ්‍ය සේවාවේ ප්‍රධානතම ව්‍යාපෘතිය බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය පත් කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රුස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව පැවැත්විණි.
මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය සේවාවේ නිරත සියලු දෙනා එක්ව කටයුතු කළ හොත් එමගින් සෞඛ්‍ය සේවාව සදහා වාර්ෂිකව අයවැයෙන් වෙන් කරන මුදල් සියලු අංශයන් සදහා ප්‍රමාණවත් වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 200 කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍යඅංශයන්හි පවතින ගැටළු විසදීමට ද හැකියාව ලැබෙනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද පැවසී ය.
ජනගහණය පන්දහසත් හත් දහසත් අතර පිරිසක් කේන්ද්‍ර වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීම තුළින් එම ජනතාවගේ සෞඛ්‍ය රැක බලා ගන්නා මධ්‍යස්ථානය පත් බවට මෙම මධ්‍යස්ථාන පත් කිරීමට හැකිවන බවත්, ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ආවරණය වන පරිදි සහ කිලෝමීටර් තුනක් ඇතුළත විනාඩි විස්සකින් ප්‍රදේශයේ ජනතාවට ළගාවිය හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ද පැවසී ය.
ජනගහණය සෑම 5000 කට සියලු පරිපාලන කටයුතු දියත් කරන ඒකක ස්ථාපිත කිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා එයට සෞඛ්‍ය, අධ්‍යාපනය, පොලීසිය, කෘෂි කර්මාන්ත පරිපාලන ඒකක ආදිය ඇතුළත් ජනතා අවශ්‍යතාවයන් ඉටුකරන සෑම අංශයකින්ම සමන්විත වන ඒකකයක් ලෙස ස්ථාපිත කිරීම නව රජයේ බලාපොරොත්තුව බව ද එයට ආරම්භය ගැනීමට සෞඛ්‍ය සේවාව හොදම සේවාවක් බවද පවසා සිටියේ ය.
මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේදී අවශ්‍ය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේදී සිදුකරන නව බඳවා ගැනීම් වලින් සහ දැනට පුහුණුව ලබන කාර්ය මණ්ඩල වලින් ලබා දීමට කටයුතු කරන බවද, ඊට අවශ්‍ය වන භෞතික සම්පත් ද නොඅඩුව ලබා දීමට ද සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු දෙනා උපරිම කැපවීමේන් තම සේවාවන් ඉටුකරන බවත් එයින් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකිවී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.
නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000 ක් පළමු අදියර යටතේ දිවයින පුරා ස්ථාපිත කිරීමට දැනට සැලසුම් කර ඇති අතර ඒ මගින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, පෝෂණ තත්වයන් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය හා උපදේශන ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හා හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සැලසුම් කර ඇත. මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු කුඩා සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට ආවේණික හා හදිසි තත්වයන් ආශ්‍රිතව මතු වන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රජා සහ සැලසුම් අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.