කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිව තිබුණු කොලොන්නාව නගර සභාවේ සභාපතිධූරය සජබ මන්ත්‍රීවරයකුගේ ඡන්දයද ලබාගෙන ජාතික ජනබල වේගයට ලබා ගැනීමට අද(18) හැකිවිය.
පළාත් පාලන කොමසාරිස් සාරාංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව නගර සභා ශාලාවේ පැවති මෙම ඡන්ද විමසිම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
කොලොන්නාව නගර සභාවට ජාජබයෙන් තේරීපත්වූයේ සභිකයන් 09 දෙනෙක් පමණි. විපක්ෂයේ සභිකයන් 10 දෙනෙක් තේරීපත්ව සිටියහ.
රහස් ඡන්දයකට විරෝධය දක්වමින් සජබය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්බයෙන් ඉවත්ව ගියද සජබයේ එක් මන්ත්‍රීවරයෙක් සභා ගැබේ රැදී සිටිමින් ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ඡන්ද 10ක් ලබාගනිමින් ජාජබ යෙන් ඉදිරිපත්කළ මන්ත්‍රීවරයා සභාපතිධූරයට පත්විය.