බහුතර බලයක් නොමැතිව තිබුණු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට සමගි ජන බලවේගය විසින් සිය පක්ෂයේ සභිකයන් දෙදෙනෙක්ම ඉදිරිපත් කළ පසුබිමක් තුළ
වැඩි ඡන්දයෙන් බලය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය අද සමත් විය.
පැවැති රහස් ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද දෙකකින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජනබලවේගයේ හර්ෂ රත්නායක මහතාට හිමිවිණි.
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඌව පළාත් පාලන කොමසාරිස් ඩී.එම්.එල්.එච් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.