රුපියල් මිලියන 97.35 ක් අයථා ලෙස උපයා ගැනීමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව සිදුකල විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළද ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදි.
මේ අයට නියම වූයේ වෙන් වෙන් වශයෙන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනකි.