තවත්
    මුල් පිටුවදේශීය පුවත්සභා දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාම ාජිකත්වයට සජබ කල දේ

    සභා දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාම ාජිකත්වයට සජබ කල දේ

    කොලොන්නාව සහ කන්දකැටිය යන ප්‍රාදේශීය සභාවල සභාපති හා උප සභාපති පත්කිරීමේදී සමගි ජන බලවේගය පක්ෂ කළමනා කරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් එම සභාවලට තේරීපත්ව සිටින සභිකයන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂ කළමනා කරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ සහ කොළොන්නාව නගර සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේදි කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ නාරාහේන්පිටගේ සුසිල් කුමාර කොස්තා යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img