හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ
අල්ලස් හො දූෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් පවත්වාගෙන යන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයකුව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් දීමනා හා අතිකාල රුපියල් ලක්ෂ 80ක මුදලක් රජයට පාඩු කිරීමට අදාළව මෙම විමර්ශන පැවැත්වෙයි.
මෙම චෝදනාවලට අදාළව ආධාර අනුබල දීම යටතේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම චෝදනාවට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර තිබේ.