වාහන කුලියට ලබාගන්නා ස්ථානවලින් ව්‍යාජ තොරතුරු ලබාදී වාහන කුලියට ලබාගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන සකස්කර අලෙවිකිරීමේ ජාවාරමක් ගැන තොරතුරු හෙළිකරගත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එම ජාවාම මෙහෙයවන ලද සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 30 සහ 36 වයස්වල පසුවන මාලිගාවත්ත සහ හොරණ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 650ක් සමග බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
අනුරාධපුරයෙන් වෑන් රථයක් කුලියට ගෙන රුපියල් ලක්ෂ 104කට අලෙවි කිරීමක්, බොරැල්ලේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 90කට විකිණිමක්, පානදුරේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගත් වාහනයක එන්ජික් අංක සහ චැසි අංක වෙනස්කර රුපියල් ලක්ෂ 58කට විකිණිමක්, මොරගහහේනේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබාගෙන එය රුපියල් ලක්ෂ 50කට විකිණිමක් සහ වැල්ලම්පිටියෙන් කුලියටගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 42කට විකිණිමක් ගැන තොරතුරු සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා ඉලක්කරනු ලබන්නේ කුලී පදනම මත වාහන ලබාදෙන බවට දැන්වීම් පලකර ඇති ස්ථාන බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එම දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට ඇමතුම් ලබාදී මසකට හෝ සතියකට එකවර අත්කිකාරම් ලබාදෙමින් වාහන කුලියට ලබාගන්නා බව පොලිසිය සඳහන් කළේය. එසේ ලබාගන්නා වාහන වලට ලියාපදිංචි පොත් ඇතුළු ලේඛන ව්‍යාජ ලෙස සකස්කර අලෙවිකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුට හොරණ මහේස්ත්‍රාත්අධිකරණයෙන් වරෙන්තුවක්ද නිකුත්කර තිබී ඇත.
අත්අඩංගුවට ගන්නා විට සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක්, ජාතික හැදුණුම්පතක් , ආදායම් බලපත්‍රයක් සහ මෑතකදී ලියාපදිංචි කළ වාහන අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබේ. වාහන කුලියට ලබාදෙන ආයතන වෙත මොවුන් ඇමතුම් ගැනීමට යොදාගත් දුරකථන 05ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.