අහමදාබාද් සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීම අරඹා ඉතා සුළු වේලාවක් තුළ කඩා වැටුණු එයාර් ඉන්දියා බොයිං 787-8 මගී ගුවන් යානා අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අනතුරට ලක්වනවිට ගුවන් යානයේ 242 දෙදෙනෙක් සිට ඇති අතර එය කඩා වැටුණු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිටි සිසුන් ද මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන් යානයේ සිටි එක් මගියෙක් පමණක් මෙම අනතුරෙන් දිවි ගලවාගෙන ඇති අතර ඔහු 11ඒ හදිසි පිටවීමේ දොරටුවට යාබද අසුනක ගමන් කරමින් සිට ඇත. රමේෂ් විශ්වාස්කුමාර් නැමැති ඔහු තමන්ට සිදුවුයේ කුමක්දැයි සිතාගත නොහැකි බවත් විශාල ශබ්දයෙන් පසුව තමන් අවට මළ සිරුරු රැසක් දුටු බවත් පවසා තිබේ.මියගිය අය අතර ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රුපානි මහතා ද වෙයි.