තවත්
    මුල් පිටුවදේශීය පුවත්නළු නිළියන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා දේශපාලනඥයන්ට දුන් මහවැලියේ ඉඩම් මැති සබයේ හෙළි...

    නළු නිළියන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා දේශපාලනඥයන්ට දුන් මහවැලියේ ඉඩම් මැති සබයේ හෙළි වූ දෑ

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලබා දී ඇති ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

    ව්‍යාපෘතිවලට ලබාදී ඇති ඉඩම් මොනවාද, කොපමණ ප්‍රමාණයක් ලබාදී තිබේද, දැනට එම ඉඩම්වල තත්ත්වය කුමක්ද යන්න මෙහිදී විමර්ශනයට ලක් කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

    නළු නිළියන්ට, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට, දේශපාලඥයන්ට මහවැලි කලාපවලින් අක්කර 100, 200, 300 හෝ අක්කර 500 වගේ විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලිකව බෙදා දීම මහවැලි කලාපවල ප්‍රධානම ගැටලුවක්ව ඇතැයි ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img