තවත්
    මුල් පිටුවදේශීය පුවත්බාල බෙහෙත් මිලදී ගැනීම ගැන කෙහෙළියට ලබන ස තියේ අධිචෝදනා

    බාල බෙහෙත් මිලදී ගැනීම ගැන කෙහෙළියට ලබන ස තියේ අධිචෝදනා

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබන සතියේ දී ගොනු කරන බව නීතිපති වරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය .

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

    යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img