කොවිඩ්-19 එන්.බී 1.8.1 ප්‍රභේදයට අයත් රෝගීන් ගෝලීය වශයෙන් ඉහළ යමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඔමික්‍රෝන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ දී මුල්වරට හඳුනාගත් මෙම ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවකින් හඳුනාගෙන ඇති බව චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාව ද හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කළ යුතු බවත් සෑම විටම එම පිළිවෙත් පිළිපැදීම නුවණට හුරු බවත් හෙතම පැවසීය.
ව්‍යාජ ලියවිලි සමඟ දේශසීමාව හරහා යාමට උත්සහයක නිරතවීමකදී ඇල්බේනියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා මෙරට පාතාලයට හෝ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයදැයි ජාත්‍යන්තර පොලිසිය මගින් විමර්ශනයක් මේ වන විට ආරම්භකර තිබේ.