දකුණු ගැඹුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුමකින් බහුදින ධීවර යාත්‍රා දෙකකින් ප්‍රවාහනය කරමින් තිබු අයිස් සහ හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 779යි ග්රෑම් 212ක් සමඟ සැකකරුවන් 11 දෙනෙක් අද(28) උදෑසන අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.
රාජ්‍ය බුද්ධි සේවය,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙම වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර මෙතම්පෙටමයින් (අයිස්) මත්කුඩු කිලෝ 503 ග්රෑම් 618ක් සහ හෙරොයින් කිලෝ 275 ග්රෑම් 594ක් තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර තිබේ.
අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක දික්ඕවිට වරායට ගෙන ඒමෙන් අනතුරුව සැකකරුවන් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දීමට නාවික හමුදාව කටයුතු කළේය. ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොග පරීක්ෂා කළ එම කාර්යාංශය විසින් ඒවා මත්ද්‍රව්‍ය බව සැකකරුවන් ඉදිරියේ පරීක්ෂා කොට තහවුරු කරමින් වරද කියා දී අත්අඩංගුවට ගැනිම තවදුරටත් තහවුරු කරන ලදි.
මෙම ධීවර යාත්‍රාවල කොටා තිබු නම්වලින් ඒවා දෙවුන්දර ප්‍රදේශයේ ධීවර යාත්‍රා බවට නොනිල වශයෙන් පෙනෙන්නට තිබිණි.
මෙම ස්ථානයට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නාවික හමුදාපති සහ වැඩ බලන පොලිස්පතිවරයා පැමිණියහ. ජාතික වශයෙන් මෙවැනි මෙහෙයුමක ඇති වටිනාකම පැහැදිළි කළ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අදාළ මෙහෙයුමට එක්වූ නාවික හමුදාව ඇතුළු සියලු අංශ වෙත සිය ප්‍රණාමය පුද කළේය.