රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න සංඛ්‍යාවක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තනතුරු 1658ක් සඳහාත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් සේවා නිලධාරීන් 02ක සහ 03 පුරප්පාඩු 300ක් ඇතුළු තනතුරු 493ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත.
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කර ඇති නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් (02) මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒකක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම නිර්දේශ කර තිබේ.