ව්‍යාජ ලෙස සකස් කළ වීසා මගින් මෙරට සිට ප්‍රංශය බලා යාමට සූදානම් වූ බංගලාදේශ ජාතිකයන් 06 දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (21) රාත්‍රියේදී අත්අඩංගුවට ගත්තේය.
මෙම බංගලාදේශ ජාතිකයන් අතර කාන්තාවක්ද සිටින්නීය. ඇය 35 හැවිරිදි වියේ පසුවන්නියකි.
සෙසු සැකකරුවන් අවුරුදු 33ත් 43ත් අතර වයස්වල පසුවන්නන්ය.
සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති ඔවුන් කටුනායක ගුවන් තොටුපොල ආසන්න ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට ඇති බවද අනාවරණය වී තිබේ.
මේ ආකාරයට යුරෝපීය රටවලට ඇතුළුවීමේ සූදානමින් මෙරටට පැමිණ රැදී සිටි බංගලාදේශ ජාතිකයන් රැසක් මෑත කාලයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.