තවත්
    මුල් පිටුවදේශීය පුවත්සෙවන් සීල්ස්" රෝ-රෝ නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට

    සෙවන් සීල්ස්” රෝ-රෝ නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට

    කොවිඩ්-19 වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි සවිමත් වන ලක්ෂණයක් ලෙස හඳුන්වාදිය හැකි වැදගත් සිදුවීමක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) දැකිය හැකි විය.

    ඒ ආනයන තහංචි ඉවත් කිරීමෙන් පසු පළමු වරට, සෙවන් සීල්ස්සමාගමේ “වයිකින් ඩ්‍රයිව්” නමැති රෝ-රෝ (RoRo) නෞකාව, භාවිතා කළ මෝටර් රථ 1,560 ක් රැගෙන වරාය වෙත පැමිණීමයි. එහි, ටෝයෝටා ලෑන්ඩ් කෘසර්, ප්‍රාඩෝ, BMW, මර්සිඩීස් බෙන්ස්, ටෝයෝටා රෙයිස්, හොන්ඩා වෙසල්, ඩයිහට්සු සහ සුසුකි වැගන් ආර් වැනි ජනප්‍රිය මෝටර් රථ මෙන්ම බර වාහන හතරක්ද ඇතුළත් විය.

    “ජපානයේ සිට භාවිතා කළ වාහන ආනයනය නැවත ආරම්භ වීම, කොවිඩ් වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකා වෙළඳපොළ යළි ප්‍රකෘතිමත් වීමේ වැදගත් සළකුණක්,” යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පැවසීය.

    ලොව ප්‍රකට නැව් සමාගමක් වන සෙවන් සීල්ස් ආයතනයට අයත් “වයිකින් ඩ්‍රයිව්” නෞකාව ජපානයෙන් ගමන් අරඹා, බංග්ලාදේශය හරහා ශ්‍රී ලංකාවට පැමිණේ. සෙවන් සීල්ස් සමාගමේ දේශීය ඒජන්තවරුන් වන මැරීන් ඉන්ටර්නැෂනල් ඒජන්සීස් සමාගම, 2015 සිට 2020 දක්වා, වාහන ආනයන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරායේ වර්ධනයට සුවිශේෂී ලෙස සහය වී ඇත.

    “හම්බන්තොට වරාය හරහා දේශීය වාහන ආනයනය පළමුවෙන් ආරම්භ කළේ අපියි,” මැරීන් ඉන්ටර්නැෂනල් ඒජන්සීස් පුද්ගලික සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා පැවසීය. “COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝග හේතුවෙන් ඇති වූ විරාමයට පසු දැන් කර්මාන්තය නැවත පණගැන් වී තිබෙනවා.”

    තහංචි ඉවත් කිරීමත් සමඟ ආනයන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, සෙවන් සීල්ස් සමාගම මැයි මස ආරම්භයේ තවත් RORO ඒකක තොගයක් නැව්ගත කිරීමට සැලසුම් කොට ඇත.

    දිග මීටර් 164 ක් සහ පළල මීටර් 28 ක් වන “වයිකින් ඩ්‍රයිව්” නෞකාව වාහන 3,500 ක් පමණ ගෙන යෑමේ ධාරිතාවෙන් සමන්විතය.

    අනතුරු අවම කොට, දැඩි ආරක්ෂිත වාතාවරණයක් තුළ, HIP විසින් ලබා දෙන කාර්යක්ෂම සේවය සිය සමාගම අගය කරන බව නිමල් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය. “HIPG විසින් වරායේ කළමනාකරණය භාර ගැනීමත් සමඟ RORO වාහන ආරක්ෂිතව හසුරුවීමේ ක්‍රමවේදයන් මෙන්ම සේවයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා.

    මෙය ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳ කර්මාන්තයට ධනාත්මක ප්‍රභවයක්.”

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img