තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයසජබ එජාප අවබෝධතා ගිවිසුමකට පැමිණෙයි

    සජබ එජාප අවබෝධතා ගිවිසුමකට පැමිණෙයි

    පළාත් පාලන මැතිවරණය 2025හි, රටේ ජනතාව විපක්ෂයට බහුතර බලය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අද (19) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

    විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවය සංකේතවත් කිරීමට දෙපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ මහ ලේකම්වරුන්වන නීතිඥ තලතා අතුකෝරළ සහ රංජිත් මද්දුමබණ්ඩාර අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

    මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,වජිර අබේවර්ධන, සාගල රත්නායක ,රුවන් විජේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, මුජිබර් රහුමාන් මහත්වරු ඇතුලු පිරිසක් එක්වූහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img