පස් වසරක විදෙස් නිවාඩුවක් ලබා විදේශගත නොවී කේරල ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි පොලිස් මූලස්ථානයේ ගොඩනැගිලි කොට්ඨාශයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙක් මොරවැව පොලිසියේ නිලධාරින් විසින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.
මොරවැව පංකුලමේ පදිංචිකරුවෙක් වන මෙම සැරයන්වරයා සතුව තිබී කේරළ ගංජා කිලෝ 02යි ග්‍රෑම් 45ක්ද පොලිසිය සොයාගෙන තිබේ.
මෙම නිලධාරියා විදේශ නිවාඩු ලබාගෙන ඇත්තේ පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා බව පොලිසිය සඳහන් කරයි.
විදේශ නිවාඩු ලබාගත්තද විදේශගත නොවී ඔහු ත්‍රිකුණාමලයේ සිට ගලේවෙල ප්‍රදේශයට මාළු රැගෙන ගොස් විකිණිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. මාළු ප්‍රවාහනය කරන අතර තුර ඔහු කේරළ ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.