තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුරකථනයක් කොල්ලකා වට්ස් ඇප් මගින් රුපියල් 30,000ක් ඉල්ලූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    දුරකථනයක් කොල්ලකා වට්ස් ඇප් මගින් රුපියල් 30,000ක් ඉල්ලූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    පිටකොටුවේ තොග වෙළඳ සැලක මුදල් අයකැමිවරයෙකු බිය ගන්වා ඔහුගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය කොල්ලකා එම පුද්ගලයාගේ සහෝදරයෙකුට කොල්ලකෑ ජංගම දුරකථනයෙන්ම වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ රුපියල් 30,000ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බම්බලපිටිය පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී කාලයේදි අත්අඩංගුවට ගෙන ඇත.

    දෙවැනි හරස් වීදියේ අල ලූණු තොග වෙළඳ සැලක සේවයේ නිරත වැල්ලම්පිටිය වෙන්නවත්තේ පදිංචිකරුවෙක් වන මුදල් අයකැමිවරයා ඊයේ අලුයම් කාලයේදී වෙළඳ සැල වෙත ගමන්කරමින් සිටියදී මෙම කොල්ලය සිදුකර ඇත. තමා පොලිස් නිලධාරියෙක් බව සඳහන්කරමින් පොලිස් හැදුණුම්පතක් පෙන්වා මුදල් අයකැමිවරයා බියගන්වමින් මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් මුදල් අයකැමි විසින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබේ. එම පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වන අතර තුර මුදල් අයකැමිගේ සහෝදරයාගේ ජංගම දුරකථනයට මුදල් අයකැමිගේ දුරකථනයෙන් වට්ස් ඇප් ඇමතුමක් ලැබී ඇතැයි පොලිසිය පවසයි. එම ඇමතුම වීඩියෝ දුරකථන ඇමතුමක් ලෙස ලැබි ඇති අතර ඇමතුම ලබාගත් පුද්ගලයා පොලිස් නිල ඇඳුමකින් සැරසී සිට ඇත. ඔහු එහිදී රුපියල් 30,000ක මුදලක් ඉල්ලා සිට ඇති අතර එම මුදල ලබාදෙන්නේ නම් මුදල් පසුම්බිය හා දුරකථනය ලබාදෙන බව පවසා තිබේ.

    මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව පොලිස් මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම කොස්තාපල්වරයා කලවානේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img