තවත්
    මුල් පිටුවදේශීය පුවත්මේ ආණ්ඩුවේ තනතුරක් ගන්නෙ නැහැ - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

    මේ ආණ්ඩුවේ තනතුරක් ගන්නෙ නැහැ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

     

    මේ ආණ්ඩුවේ තනතුරු ලබාගත යුත්තේ ඔවුන්ගේ ජයග්‍රහණයට උරදුන් මිනිස්සු බවත් තමන් මැදින් පැමිණ මේ මල් වට්ටියට අත ගසන්න කැමැති නොවබ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවැසීය.

    ජාතික නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ බව අද (19) සඳහන් කළේය.

    ඒකෙන් කියන්නෙ නැහැ මම මේ රට හදන්න උදව්වෙ වෙන්නෙ නැහැ කියලා. මම ඒකට කවදත් කැමතියි. හැබැයි මේ ආණ්ඩුව පත්කරගන්න කැපවුණ පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ඒ තනතුරු දරන්න ඕන. එහෙම නැතිව මගින් ඇවිත් මම මේ මල් වට්ටියට අත ගහලා හරියන්නෙ නැහැ.

    ඕනෑම හමුදාවක විශිෂ්ටයො ඉන්නවා. එහෙම අය තමයි මේ තත්ත්වයට මැදිහත් කරගන්න ඕන. පනත් ටිකක් වටකරගෙන පුටුවක කෙනෙක් වාඩි උනා කියලා අවශ්‍ය දේ වෙන්නෙ නැහැ. ඒ සිද්ධියට බහින්න ඕන. යුද්ධය වෙලාවේ මම ඒකට බැහැලා වැඩ කරා. එහෙම අයට මේ මත් උවදුර ද, අනෙකුත් ව්‍යවසනද අවම කරන්න වැඩ කරන්න පුළුවන්. හැබැයි මත්ද්‍රව්‍ය ඇතුළු ඒ ගැටලු මහජන ආරක්ෂාවට අයත් විෂයක්. ජාතික ආරක්ෂාවේ වැඩ කරන්න තමයි ත්‍රිවිධ හමුදාව ඉන්නෙ.

    මෙච්චර වියදම් කරන්න විදෙස්ගතව කොටි හිතවාදීන් ඉන්නවා නම් මරාගෙන මැරෙන තව කණ්ඩායමක් හදන්න බැරිද ? ඒක අනාගතයෙත් වෙන්න පුළුවන්. මේවා ගැන අවධානයෙන් අපි ඉන්න ඕන. හරි නායකයො බිහිවෙන්න ඕන. මේ රටට හරි නායකයො බිහි උනේ නැහැ. තවමත් එහෙම පේන්න නැහැ.

    ගහනකොට දුවපු හමුදාවක් අපි එදා ගොඩගත්තා. අපේ රටේ හමුදාව අදටත් දියුණු රටක හමුදාවකට තාක්ෂණය හා උපකරණ අතින් ඉතා පහතින් ඉන්නෙ. අභිමානයෙන් ආරක්ෂාව ගැන කතා කරන්න නම් අපි ඉන්නෙ ඉතා පසුගාමී තැනක. කිසිම රටකට වගකීමක් නැහැ වෙනත් රටකින් පහර දෙන්න ආවම එක දවසින් දාලා දුවන්න. යුක්රේනය බලන්න. රුසියාව බලගතු රටක්. ඒත් ඔවුන් බලගතු රුසියාව එක්ක සටන් කරනවා. 

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img